සිංහල යුනිකෝඩ් භාවිතයෙන් මෙම වෙබ් අඩවිය සකස් කර ඇත. සිංහල යුනිකෝඩ් භාවිතා කරන පලාත් පාලන ආයතනයක් සතු පලමු වෙබ් අඩවිය මෙය වෙි...

                                                

                                                 

                                                 






සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම නගර සභාව මෙය වේ. වර්ෂ 1939 දී සර් හෙන්ඩිරි බ්‍රවුනි ආණ්ඩුකාරවරයා විසින් පිහිට වු මෙම නගර සභාවේ මුල්ම සභාපතිවරයා වුයේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිණියගේ පියාණන් වු බාන්ස් රත්වත්ත දිසාවේ මැතිතුමාය. එදා දවස සෙනටරි බෝඩ් නමින් ආරමිභ වු මෙම නගර සභාව අද වන විට නගරාධිපතිවරුන් 10 දෙනෙකු පාලනය කර ඇති අතර වර්ෂ 9 ක් විශේෂ කොමසාරිස්වරෙයෙකු විසින් පාලනය කර ඇත. වර්තමානය වන විට ගරු සභාපති ලෙස කටයුතු කරන්නේ නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා විසින් වන අතර අද වන විට නිත්‍ය පදිංචි ජනගහනය 23220 වන අතර වර්ග කිලෝමීටර් 16.2 ක විශාලත්වයකින් යුතු දෛනිකව නගරය ප්‍රයෝජනයට ගන්නා 35000 පමණ ජනතාවකගේ මුලික පහසුකම් සපයන ආයතනයකි. අද වන විට ස්ථීර අනුමත කාර්යය මණ්ඩලය 95 වන අතර ආදේශක 37 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ.


2005 වර්ෂයේ හොදම පලදායිතාව සපිරි නගර සභාව ඃ

2005 වර්ෂයේදී ජාතික පලදායිතා ලේකමි කාර්යාලය මගින් සංවිධානය කරන ලද ජාතික පලදායිතා තරගයේදී පලාත් පාලන අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනාගන්නා ලදී. වීථි රේඛා සහතික ලබා ගැනීම, ජල හා විදුලි සහතික ලබා ගැනීම, ගොඩනැගිලි සැලසුමි අනුමත කිරීම ආදි සේවා සදහා ගතවන කාලය හා ඒ සදහා අවශ්‍ය ලියකියවිලි නගර සභා කාර්යාලයේ පුවරු වල සටහන් කර ඇති අතර ජනතාවට ඉතා කඩිනමින් සේවා ලබා දීම සිදු කරයි. තවද ජනතාවගේ අදහස් ලබා ගැනීම සදහා ප්‍රජා ප්‍රතිචාර පෝර්ම භාවිතා කිරීමද සිදුකරනු ලැබේ.


දකුණු ආසියාවෙි සුවිශාලම පරිසර හිතකාමී කොමිපෝස් පොහොර ව්‍යාපෘතිය ඃ

අප නගර සභාව මගින් එකතු කරනු ලබන සියඵම කසල දිරන හා නොදිරන ලෙස වෙන් කරන අතර නොදිරන කසල අලෙවි කරනු ලැබෙි. දිරන සියඵම කසල කොමිපෝස් පොහොර සෑදීම සදහා යොදාගනී. දකුණු ආසියාවෙි සුවිශාලතම කොමිපෝස්ටි අංගනය අප නගර සභාව සතු වෙි. මෙම ව්‍යාපෘතිය ශ්‍රි ලංකාවෙි සාර්ථකම කොම්පොස්ටි පොහොර ව්‍යාපෘති කීපය අතරින්ද ඉදිරියෙන් සිටින අතර කොමිපොස්ටි සැදීම සදහා වන පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි.


ශ්‍රි ලංකාවෙි පළමු හා එකම ස්වයංක්‍රිය විද්‍යුත් පුස්තකාලය ඃ

ශ්ර්‍‍රී ලංකාවෙි පලාත් පාලන ආයතනයක් සතු එකම හා ප්‍රථම ස්වයංක්‍රිය විද්‍යුත් පුස්තකාලය බළන්ගොඩ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලැබෙි. විද්‍යුත් පොත්පත්, විද්‍යුත් විශ්වකෝෂ, විද්‍යුත් සිතියමි, විද්‍යුත් සගරා හා අධ්‍යාපනික විඩියෝ සංයුක්ත තැටි ආදි බොහෝ විද්‍යුත් තොරතුරු මුලාශ්‍ර මෙය සතුව ඇත. පාසැල් සිසුන්, ගුරුභවතුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුඵ ප්‍රදේශයේ මහජනතාව මෙය ප්‍රයෝජනයට ගනී. මෙම විද්‍යුත් පුස්තකාලයේ තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙය ක්‍රියාත්මකව පාලනය වන්නේ ශබ්ද නගා කථා කල හැකි ස්වයංක්‍රිය පරිගණක වැඩසටහනකින් විමයි. මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාව තුල පලාත් පාලන ආයතනයක පුස්තකාලයක් පාලනය සදහා භාවිත වන්නේ මෙම විද්‍යුත් පුස්තකාලයේ පමණි.


ඊ–බළන්ගොඩ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන ව්‍යාපෘතිය ඃ

ශ්ර්‍‍රී ලංකාවෙි පලාත් පාලන ආයතනයක් ප්‍රථම හා පළමු වරට ක්‍රියාත්මක කරනු ලබන තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන ඊ–බළන්ගොඩ නමින් දැන් ක්‍රියාතමකව පවතී. තොරතුරු තාක්ෂණය ජනතාව වෙතට සමීප කරවීම මෙහි අරමුණයි. රාජ්‍ය සේවකයින් සදහා එක්දින ඉන්ටර්නෙටි වැඩමුඵ පැවැත්වීම, පාසැල් සිසුන් සදහා පරිගණක දේශන හා වැඩමුඵ, පරිගණක දැනුම මිණුම තරග පැවැත්විම ආදි බොහෝ කටයුතු මෙමගින් සිදුකරයි. තවද ජනතාව අතර සිංහල යුනිකොඩ් හා නිදහස් වීවෘත කේත මෘදුකාංග ප්‍රචලිත කිරීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදුකරයි.


2009 වර්ෂය සදහා වු බළන්ගොඩ නගර සභාවේ අයවැය වාර්ථාව


බළන්ගොඩ නගර සභාවේ සේවාලාභි ප්‍රඥප්තිය


ගරු සභාපතිතුමාගේ පණිවිඩය

ලේකමිතුමාගේ ප්‍රකාශය

ඩබිලිවි.එමි.එන්.ජී.වීරසිංහ

සභාපති

බළන්ගොඩ නගර සභාව

ආර්.ඩී.නලීන් පුෂ්පකුමාර

ලේකමි

බළන්ගොඩ නගර සභාව

ආදී මානවයාගේ සිට මෙි දක්වා දිග හැරෙන ඓතිහාසික පුරාවෘත්තීන් අතර බළන්ගොඩ ප්‍රදේශය ඉතා වැදගත් ස්ථානයක් ගනී. අද වන තුරුත් ලාංකීය ජන සමාජය තුල බළන්ගොඩ යන නාමය හදවත් තුළ රැදී ඇත්තේ එම ඓතිහාසික වටිනාකම මත මෙන්ම අප විසින් සිදුකර ඇති ක්‍රියාකාරකමි හේතු කොට ගෙනය. ආයතනයක් වශයෙන් බළන්ගොඩ නගර සභාව ලබා ඇති ජයග්‍රහන දෙස බලන විට මෙයට හේතු පාදක වී ඇත්තේ සෑම විටම අප නවීන තාක්ෂණය සමග අත්වැල් බැදගෙන ගමන් කිරීමට දරන උත්සහයයි. අද වන විට විශ්ව ගම්මානයේ අභිමානවත් පුරවැසියෙකු ලෙස නැගී සිටීමට වෙබි අඩවියක් අත්‍යාවශයය. බළන්ගොඩ නගර සභාව සදහාද වෙබි අඩවියක් ආරමිභ කිරීමට අදහස් කලේ යහපාලනයේ වැදගත් සංකල්ප වන විනිවිද භාවය ආරක්ෂා කර ගැනීමත් , තොරතුරු ජනතාවට ක්ෂනිකව ලබා දීමටත් ප්‍රමුඛස්ථානයක් ගෙනය. ප්‍රජාතාන්ත්‍රවාදයට ගරු කරමින් ඉතා යහපත් පාලනයක් මෙම නගර සභාව තුල ක්‍රියාත්මක වන මෙි මොහොතේ විශ්ව ගමිමානය වෙත සමිබන්ධ වීමට ගත් මෙම ව්‍යායාමය සාර්ථක වෙිවායි ඉතසිතින් යුතුව ප්‍රර්ථනා කරමි. එමෙන්ම ඔබ සැමට යහපත් වු අනාගතයක් උදාවෙිවායි ප්‍රාර්ථනා කරන්නේ හදපිරි සතුටිනි. බළන්ගොඩ නගර සභාව තොරතුරු තාක්ෂණයේ නැවුමි ඉසවි සොයා ඒවා කාර්යය පලදායිතාව සදහා යොදා ගන්නා නගර සභාවකි. යුනිකෝඩි තාක්ෂණය භාවිතා කරමින් අප නිල වෙබි අඩවිය ආරමිභ කලේ එහි ප්‍රතිඑලයක් ලෙසිනි. මෙම වෙබි අඩවිය තුලින් ජනතාවට නගර සභාව පිලිබද තොරතුරු නගර සභාවට නොපැමිණ නිවසේ සිට දැන ගැනීමට හැකියාව ලැබි ඇත. එසේම නගර සභාව විසින් එදිනෙදා කරනු ලබන විවිධ ව්‍යාපෘතින් හා වැඩසටහන් පිළිබද ජායාරූප ඇතුඵ තොරතුරු මෙම වෙබි අඩවිය මගින් ජනතාවට ලබා ගැනීමට හැකියාව ඇත.
නගර සභාව මගින් ක්‍රියාත්මක ප්‍රධාන තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතින් වන e-balangoda තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය හා විද්‍යුත් පුස්තකාලය හා බැදුණු පරිගණක සමිපත් හා තොරතුරු මධ්‍යස්ථානය මගින් විපුල පල ප්‍රයෝජන ලබා ගැනීමට ජනතාවට දැන් අවස්ථාව ලැබී ඇත. ඉහත තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති ශ්‍රී ලංකාවෙි පළමු හා එකම වතාවට අප ක්‍රියාත්මක කිරීම නිසා අප අනිකුත් පලාත් පාලන ආයතන සදහා ආදර්ශයක් ලබා දී ඇත.
තොරතුරු තාක්ෂණික සංවර්ධනයත් සමගින් ඉදිරියට යන අප සමග එක්වී ඔබගේ එදිනෙදා අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකර ගැනීමට අප සමග එක්වන ලෙස සාදරයෙන් ඇරයුමි කරමි.

ඔබගේ අදහස් හා යෝජනා අප වෙත ලබා දෙන්න


© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවෙි. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.

- Solution by SankaSoft Creations - SRI LANKA -