බළන්ගොඩ නගර සභාවේ ඵලදායිතා කව
සුපිපි කවය
බළන්ගොඩ නගර සභාවේ ආයතන අංශයේ ජව ගැන්වීමෙන් සැකසුන කවය මෙයවේ. මේ මගින් ආයතනයේ අඩුපාඩු සකස් කරමින් ජනතාවට වඩා ඵලදායි මෙහෙවරක් කිරීමට ඉඩ සොයා බලමින් ඒවා ඉටුකිරීමට උත්සහ කරයි.
ශක්ති කවය
මෙය කර්මාන්ත අංශයේ ඵලදායිතා කවය වේ. මෙමගින් කර්මාන්ත අංශයෙන් සිදුකරන කටයුතු ඵලදායි ලෙස සිදුකරන අයුරු සොය බලයි. මේ යටතේ සිදුකල සාර්ථක ව්‍යාපෘතියක් ලෙස කර්මාන්ත අංශය මගින් නාගරික ජනතාව වෙත නිකුත් කරනු ලබන විවිධ බලපත්‍ර , අනුමැති හා සහතික ඉතා කඩිනමින් ජනතාව ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.
ප්‍රතිභා කවය
බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය, විදුනැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, නගර සභා ආයුර්වේදය, නගර සභා පෙර පාසැල වෙනුවෙන් ආරම්භ කර ඇති ඵලදායිතා කවය මෙය වෙයි. මෙය කවය සෑම මසකම රැස්වන අතර ජනතා හිතසුව පිණිස විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.
පවිත්‍ර කවය
සෞඛ්‍ය අංශයේ ඵලදායිතා කවය පවිත්‍ර කවයයි. මෙමගින් සෞඛ්‍ය අංශයේ කටයුතු ඵලදායිලෙස සිදුකිරීම හා සේවකයන්ගේ අවශ්‍යතා සොයා බලා ක්‍රියාකරයි.
ඉසුරු කවය
ආදායම් අංශයේ ඵලදායිතා කවය මෙයවේ. මෙමගින් ආදායම් අංශයේ රාජකාරි ඵලදායි ලෙස සිදුකරන අයුරු පිළිබද නිතර විමසිලිමත්ව ක්‍රියා කරයි.
© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.
- Solution by SankaSoft Creations - SRI LANKA -
|