බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය ඔබ සාදරයෙන් පිළිගනියි.
ඉතිහාසය :
බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය 1961-06-11 දින ආරම්භ කොට ඇත. බලන්ගොඩ නගරයේ කතරගම කෝවිල අසල ගොඩනැගිල්ලෙහි පුස්තකාලය පළමුවරට ආරම්භ වී ඇත. දීර්ඝ කාලයක් එම ස්ථානයේ පවත්වා ගෙන ගොස් නැවත දැනට පවතින ස්ථානයට රැගෙන එන ලදී. කළින් තිබුනු තත්වයට වඩා මදක් දියුණු ස්වරුපයකින් ආරම්භ වු අතර නව ස්ථානයේ පොත් බැහැර දෙන අංශයක් හා පුවත්පත් කියවීම් අංශයක්ද පැවැත්විණි. දිනෙන් දින සාමාජිකයින් හා පාඨක පිරිස වැඩිවෙත්ම මෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවුයෙන් 1991 වර්ෂයේදී මෙම ගොඩනැගිල්ලටම යාබදව කුඩා විමර්ශන අංශයක් හා පුවත්පත් කියවීම් ශාලාවක්ද ආරම්භ කරන ලදී. තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයක්ව පැවති මෙම පුස්තකාලය 1996 වර්ෂයේදී දෙවෙනි ශ්‍රේණියට උසස් කරන ලදී. එසේම දිනෙන් දින ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම් පවස නිවාලමින් ජනප්‍රියත්වයට පත්වු මෙම පුස්තකාලය 1998 වර්ෂයේදී තවත් පියවරක් ඉදිරියට තබමින් සිය දෙනෙකුට පමණ එකවර අධයන කටයුතු කලහැකි පරිදි නව විමර්ශන අංශයක් නිදහස් ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් ආරම්භ කරන ලදී. ක්‍රමයෙන් එසේ අඵත් අංශ එකතුවෙමින් දියුණුවට පා තැබූ මෙම පුස්තකාලයේ 2001 වර්ෂයේදී ඉන්ටර්නෙට් අංශයක්ද , දර්ශනීය ළමා අංශයක් ද ආරම්භ විය.
බළන්ගොඩ මහජන පුස්තකාලය ස්වර්ණ ජයන්තිය සමරයි
පිහිටීම :
බළන්ගොඩ බාන්ස් රත්වත්ත මාවතේ, බළන්ගොඩ නගරසභා ගොඩනැගිල්ලට යාබදව පිහිටා ඇත.
වර්ථමාන තත්ත්වය :
2010 වර්ෂය වන විට 8500ක් පමණ සාමාජික පිරිසක් ද 25800 ක් පමණ පොත් සංඛ්‍යාවක්ද පුස්තකාලය සතුව තිබේ. දිනපතා පුස්තකාලයට පැමිණෙන පාඨක පිරිසද 500කට අධිකය.
බළන්ගොඩ මහජන පුස්තකාලයේ අංශ :
- පොත් බැහැර දෙන අංශය
- විමර්ශන අංශය
- අධ්‍යන අංශය
- ළමා අංශය
- පුවත්පත් අංශය
- නව කියවීම් ශාලාව
පුස්තකාල සාමාජික ගාස්තු :
| විස්තරය |
සාමාජික ගාස්තුව |
රජයේ බදු සමග මුඵ සාමාජික ගාස්තුව |
| පාසැල් ලමුන් සදහා සාමාජික ගාස්තු |
රු.50.00 |
රු.57.00 |
| වැඩිහිටියන් සදහා සාමාජික ගාස්තු |
රු.100.00 |
රු.114.00 |
| බළන්ගොඩ නගර සභා සීමාවෙන් පිට නගරසභා සීමාවේ සිට 5 Km ඇතුලත වැඩිහිටියන් සදහා සාමාජික ගාස්තු (සැ.යු. නගර සභා බල ප්‍රදේශයෙන් පිට අයදුම්කරුවන්ගෙන් රු.1000/- ක ආපසු නොගෙවන තැම්පතුවක් ලබා ගැනේ.) |
රු.100.00 |
රු.114.00 |
පුස්තකාල සමාජිකත්වය අලුත් කර ගැනීම සදහා ගාස්තු :
| විස්තරය |
සාමාජික ගාස්තුව |
රජයේ බදු සමග මුඵ සාමාජික ගාස්තුව |
| පාසැල් ලමුන් සදහා |
රු.25.00 |
රු.27.00 |
| වැඩිහිටියන් සදහා |
රු.50.00 |
රු.54.00 |
සාමාජික අයදුම්පත්‍ර :
| බළන්ගොඩ මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අයදුම්පත්‍රය |
බාගත කරගන්න
|
| බළන්ගොඩ මහජන පුස්තකාලයේ සාමාජිකත්වය අලුත් කර ගැනීමේ අයදුම්පත්‍රය |
බාගත කරගන්න
|
දුරකථන අංකය: 045-2287275
© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.
- Solution by SankaSoft Creations - SRI LANKA -
|