ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනක් සතු එකම හා පළමු ස්වංයක්‍රීය විද්‍යුත් පුස්තකාලය
ලෝකයේ තොරතුරු, වටිනාම වස්තුව බවට පත් වෙමින් පවතින වර්තමාන කාලයේ තොරතුරු ඉක්මනින් හා පහසුවෙන් සොයා ගැනීම සදහා විවිධ මෙවලමි බිහිවේ. විද්‍යුත් පුස්තකාලයක් යනු ඉතා වේගයෙන් තොරතුරු සොයා ගත හැකි බහුමාධ්‍ය මෙවලම් රැසකින් සමන්විත පුස්තකාලයකි.
මෙහි විශේෂත්වය වන්නේ මෙහි ඇත්තේ සාමාන්‍ය කඩදාසි සහිත පොත් පත් නොවීමයි. මෙහි ඇති බහුමාධ්‍ය පොත්පත් ඔබ කියවිය යුත්තේ පරිගණක තිරයේය. එසේ කියවීමට ඔබට නොහැකිනම් පරිගණකය ඔබට ඇසෙන සේ එම පොත් කියවයි. ඔබට තිබෙන්නේ අසා සිටින්නට පමණි. ක්ෂනිකව පොතේ ඔිනෑම පිටුවකට පිවිසීමට පවා ඔබට හැකියාව ඇත.
මෙහි ඇති බහුමාධ්‍ය විශ්වකෝෂ ඔබට අවශ්‍ය තොරතුරු මොහොතකින් ඔබ දෑස් ඉදිරිපිටට කැදවයි. ඔබ සොයන තොරතුරු සමිබන්ධ වීඩියේ දර්ශන, ජායාරූප. පමණක් නොව ශබ්දයද ඔබට ඇසීමට සලස්වයි.
විද්‍යුත් පුස්තකාලය සතු වන ස්වංක්‍රීයව උගන්වන පරිගණක වැඩසටහන් ඔබ නොදන්නා විෂයන් ඉතා සරලව, අන්තර් ක්‍රියාකාරී පැවරුම් සහිතව ඔබට කියාදෙයි, ඔබ ඉගෙනගත් දේ පිළිබද ප්‍රශ්න පත්‍රවලටද පිළිතුරු ලියා ඒවායේ වැරදි නිවැරදි ආදිය පරීක්ෂා කර ඔබට වැරදී ඇති තැන් නැවත ඔබට ඒ මොහොතේම කියාදෙයි.
මෙහි විද්‍යුත් සගරා, අධ්‍යාපනික වටිනාකමක් ඇති වීඩියෝ වාර්තා වැඩසටහන්, විත්‍රපටි, නාට්‍ය හා විවිධ සිතියමි වර්ගද ආදියද ඔබේ පරිහරණය සදහා තබා ඇත.
මෙම විද්‍යුත් පුස්තකාලයේ තවත් සුවීශේෂාංගයක් වන්නේ මෙය සමිපුර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. මෙය භාවිතා කරන්නාට ඔහු හෝ ඇයගේ නමින්ම පරිගණකය විසින් කථා කර අවශ්‍ය තොරතුරු දැනුම් දෙයි.
ඔබට මෙමගින් ලබා ගත හැකි සේවා ඃ
- විද්‍යුත් පොත් පත් පරිහරණය
- බහුමාධ්‍ය විශ්වකෝෂ පරිහරණය
- අධ්‍යාපනික වීඩියෝ දර්ශන, විඩියෝ චිත්‍රපටි, නාට්‍ය පරිහරණය
- ස්වංක්‍රීය අධ්‍යාපනික වැඩසටහන් පරිහරණය
- සිතියමි පිළිබද අධ්‍යනය කිරීම
- එක්දින ඉන්ටර්නෙටි වැඩමුඵ සදහා පැවැත්වීම
- e-balangoda තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
විවෘත කරන දින හා වේලාව ඃ
සතියේ සෑම සදුදා සිට සිකුරාදා දක්වා පෙඃව 8.30 සිට ප.ව 4.30 දක්වා වීවෘතව ඇත.
අයකරන ගාස්තු ඃ
දින 30 ක කාලයක් සදහා රු. 250/– කි. දිනකට පැය 02 බැගින් විද්‍යුත් පුස්තකාලය භාවිතා කල හැකිය.
සාමාන්‍ය පුස්තකාල රටාවෙන් මිදී, විද්‍යුත් පුස්තකාල වෙත සමීපවීමෙි කාලය දැන් එලබී ඇත. කාලය හා තොරතුරු වල අගය සීඝ්‍රයෙන් දිනෙන් දින ඉහල යන බැවින් ඉදිරියේදී විද්‍යුත් පුස්තකාල අත්‍යවශ්‍ය අංගයක් වනු ඇත.
මෙවැනි ස්වයංක්‍රීය විද්‍යුත් පුස්තකාලයක්, පළාත් පාලන ආයතනයක් සතුව දැනට ශ්‍රි ලංකාවෙි ඇත්තේ බළන්ගොඩ නගර සභාව සතුව පමණි.
ඔබට විද්‍යුත් පුස්තකාලය පිළිබද වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නමි පහත දුරකථන අංකය මගින් සංකල්ප පේමදාස මහතා අමතන්න.
දුරකථන : 045-2288737
© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.
- Solution by SankaSoft Creations - SRI LANKA -
|