Open menu

 

බළන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු. 

සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම නගර සභාව මෙය වේ. වර්ෂ 1939 දී සර් හෙන්ඩ්රි බ්‍රවුනි ආණ්ඩුකාරවරයා විසින් පිහිට වු මෙම නගර සභාවේ මුල්ම සභාපතිවරයා වුයේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිණියගේ පියාණන් වු බාන්ස් රත්වත්ත දිසාවේ මැතිතුමාය. එදා දවස සෙනටරි බෝඩ් නමින් ආරම්භ වු මෙම නගර සභාව අද වන විට නගරාධිපතිවරුන් 12 දෙනෙකු පාලනය කර ඇති අතර වර්ෂ 9 ක් විශේෂ කොමසාරිස්වරයෙකු විසින් පාලනය කර ඇත.  අද වන විට නිත්‍ය පදිංචි ජනගහනය 40,000 ඉක්මවයි. බළන්ගොඩ නගර සභාව වර්ග කිලෝමීටර් 16.2ක විශාලත්වයකින් යුතු දෛනිකව නගරය ප්‍රයෝජනයට ගන්නා 77,026 පමණ ජනතාවකගේ මුලික පහසුකම් සපයන ආයතනයකි. අද වන විට මෙහි ස්ථීර අනුමත කාර්යය මණ්ඩලය 104 වන අතර ආදේශක 37 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ.

ලේකම්තුමියගේ  පණිවිඩය

DMJU Dharmarathna

බළන්ගොඩ නගර සභාව තොරතුරු තාක්ෂණයේ නැවුම් ඉසව් සොයා ඒවා කාර්යය ඵලදායිතාව සඳහා යොදා ගන්නා නගර සභාවකි.ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත් පාලන ආයතන වලට ආදර්ශයක් වෙමින් තොරතුරු තාක්ෂණික සංවර්ධනයත් සමගින් ඉදිරියට යන අප සමග එක්වී ඔබගේ එදිනෙදා අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකර ගැනීමට අප  සමඟ එක්වන ලෙස සාදරයෙන් ඇරයුම් කරමි.

ලේකම්
එස්. එච්. අමිතා කරුණාරත්න මිය

 

 

2005 වර්ෂයේ හොදම ඵලදායිතාව සපිරි නගර සභාව :
2005 වර්ෂයේදී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා තරගයේදී පලාත් පාලන අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනාගන්නා ලදී.වීථි රේඛා සහතික ලබා ගැනීම, ජල හා විදුලි සහතික ලබා ගැනීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම ආදි සේවා සඳහා ගතවන කාලය හා ඒ සදහා අවශ්‍ය ලියකියවිලි නගර සභා කාර්යාලයේ පුවරු වල සටහන් කර ඇති අතර ජනතාවට ඉතා කඩිනමින් සේවා ලබා දීම සිදු කරයි. තවද ජනතාවගේ අදහස් ලබා ගැනීම සදහා මුද්‍රිත ප්‍රජා ප්‍රතිචාර පෝරම හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර ක්‍රමයද භාවිතා කිරීමද සිදුකරනු ලැබේ. විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර ක්‍රමය මගින් පැය 48 ක් තුල ප්‍රතිප්‍රතිචාර දැක්වීමට බළන්ගොඩ නගර සභාවට හැකි වී ඇත. නගර සභාවට පැමිණ ලබා ගත යුතු අයදුම්පත්, තොරතුරු ආදිය මෙම නිල වෙබ් අඩවිය තුලින් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.නගර සභා නිල ‍බ්ලොග් අඩවිය තුලින් අප නගර සභාව මගින් සිදුකරන ක්‍රියාකරකම් ජනතාව වෙත ඉතා ඉක්මනින් දැනගැනීමට සැලැස්වීමටත් ඒවා සදහා අදහස් දැක්වීමටත් අවස්ථාව සලසා ඇත. එසේම Facebook, Twitter,Youtube ආදි සමාජජාල වෙබ් අඩවි මගින් ජනතාවට අප නගර සභාව සමඟ කෙලින්ම සම්බන්ධවී අදහස් දැක්වීමට හා තොරතුරු දැන ගැනීමටත් අවස්ථාව සලසා ඇත. සමාජජාල වෙබ් අඩවි සමගින් ජනතාව සමග සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර සභාව බළන්ගොඩ නගර සභාව වේ.

 

දකුණු ආසියාවේ සුවිශාලම පරිසර හිතකාමී කොම්පෝස් පොහොර ව්‍යාපෘතිය :
අප නගර සභාව මගින් එකතු කරනු ලබන සියළුම කසල දිරන හා නොදිරන ලෙස වෙන් කරන අතර නොදිරන කසල අලෙවි කරනු ලැබේ. දිරන සියළුම කසල කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා යොදාගනී. දකුණු ආසියාවේ සුවිශාලතම කොමිපෝස්ට් අංගනය අප නගර සභාව සතු වේ. මෙම ව්‍යාපෘතිය ශ්‍රි ලංකාවේ සාර්ථකම කොම්පොස්ට් පොහොර ව්‍යාපෘති කීපය අතරින්ද ඉදිරියෙන් සිටින අතර කොමිපොස්ට් සෑදීම සඳහා වන පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි.

 

ශ්‍රි ලංකාවේ පළමු විද්‍යුත් පුස්තකාලය :

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් සතු  ප්‍රථම විද්‍යුත් පුස්තකාලය බළන්ගොඩ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලැබෙයි. විද්‍යුත් පොත්පත්, විද්‍යුත් විශ්වකෝෂ, විද්‍යුත් සිතියම්, විද්‍යුත් සගරා හා අධ්‍යාපනික විඩියෝ සංයුක්ත තැටි ආදි බොහෝ විද්‍යුත් තොරතුරු මුලාශ්‍ර මෙය සතුව ඇත. පාසැල් සිසුන්, ගුරුභවතුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුඵ ප්‍රදේශයේ මහජනතාව මෙය ප්‍රයෝජනයට ගනී.

 

ඊ–බළන්ගොඩ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන ව්‍යාපෘතිය :

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ප්‍රථම හා පළමු වරට ක්‍රියාත්මක කරනු ලබන තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන ඊ–බළන්ගොඩ(e-balangoda) නමින් දැන් ක්‍රියාත්මකව පවතී. තොරතුරු තාක්ෂණය ජනතාව වෙතට සමීප කරවීම මෙහි අරමුණයි. රාජ්‍ය සේවකයින් සඳහා එක්දින ඉන්ටර්නෙට් වැඩමුඵ පැවැත්වීම, පාසැල් සිසුන්, රැකියා විරහිත තරුණ තරුණියන් ඇතුඵ නාගරික ජනතාව සදහා පරිගණක දේශන හා වැඩමුඵ, පරිගණක පා‍ඨමාලා පැවැත්විම ආදි බොහෝ කටයුතු මෙමගින් සිදුකරයි. තවද නාගරික ජනතාව අතර සිංහල යුනිකොඩ් හා නිදහස් විවෘත කේත මෘදුකාංග (Free Open source Software) ප්‍රචලිත කිරීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදුකරයි.