Open menu

මහජන පුස්තකාලය

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය ඔබ සාදර‍යෙන් පිළිගනියි.

 

 

 

පුස්තකාලයේ ඉතිහාසය හා ආරම්භය

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය පිහිටි පැරණිතම නගර සභාවක් වන බලංගොඩ නගර සභාව 1961 දී බලංගොඩ කතරගම කෝවිල අසල නගර සභාවට අයත් කුඩා ගොඩනැඟිල්ලක කියවීම් ශාලාවක් වශයෙන් පුස්තකාලය ආරම්භ කර ඇත.
දීර්ඝ කාලයක් එම ස්ථානයේ පවත්වාගෙන ගිය පුස්තකාලය 1973 වර්ෂයේ දී දැනට පවතින ස්ථානයට රැගෙන ඒමෙන් කලින් තිබුණු තත්වයට වඩා මදක් දියුණු ස්වරූපයෙන් ආරම්භ වූ අතර නව ස්ථානයෙ පොත් බැහැර දෙන අංශයක් හා පුවත්පත් කියවීම් අංශයක් ද ආරම්භ කර ඇත.දිනෙන් දින පාඨක පිරිස වැඩි වීමත් සමඟ පුස්තකාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවූ හෙයින් 1991 දී මෙම ගොඩනැඟිල්ලට යාබඳව කුඩා විමර්ශන අංශයක් හා පුවත්පත් කියවීම් ශාලාවක් ද ආරම්භ කර ඇත.
තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයක්ව පැවති මෙම පුස්තකාලය 1996 වර්ෂයේ දී දෙවන ශ්‍රේණියට උසස් කරන ලදී. ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම් පවස නිවාලමින් ජනප්‍රියත්වයට පත්වූ මෙම පුස්තකාලය 1998 වර්ෂයේ දී තවත් පියවරක් ඉදිරියට තබමින් සියදෙනෙකුට පමණ එකවර අධ්‍යයන කටයුතු කළ හැකි පරිදි නව විමර්ශන අංශයක් නිදහස් ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් ආරම්භ කර ඇත.
2001 වර්ෂයේ දී විද්‍යුත් පුස්තකාලක් හා ළමා අංශයක් ද ප්‍රධාන ගොඩනැඟිල්ලට යාබදව ආරම්භ කර ඇති අතර, විද්‍යුත් පුස්තකාලට අනුබද්දව පරිගණක අංශයක් ද ආරම්භ කර ඇත.පුස්තකාල පොත් හා සාමාජිකයන් පරිගණක ගත කිරීම හා පුස්තකාලය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ද සිදු විය.
2008 ඔක්තොම්බර් ජාතික කියවීම් මාසය සමරමින් බලංගොඩ ප්‍රධාන බස් නැවතුම්පළ අසල කියවීම් ශාලාවක් ද අන්තර්ජාල සේවා පහසුකම් සපයමින් වැඩි දියුණු කරන ලද විද්‍යුත් පුස්තකාලය විදුණැන පියස නමින් ආරම්භ කරන ලදී.
ලංකාවේ පළාත් පාලන ආයතනයක් සතු එකම විද්‍යුත් පුස්තකාලය බලංගොඩ මහජන පුස්තකාලය සතුවන අතර මෙමඟින් අන්තර්ජාලය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, වැඩමුළු හා සම්මනත්‍රණ පැවැත්වීම විද්‍යුත් පුස්තකාල සේවා සැපයීම සිදු කෙරේ.
2017 වර්ශයේ දී පුස්තකාල කටයුතු තවත් විධිමත් කරමින් ශාක පුස්තකාලය, ඖෂධ හා ධාන්‍ය පුස්තකාලය වැනි විවිධ අංශ එකතු කරමින් පුස්තකාලය නව මඟකට ගැනීමට කටයුතු කළේය.

පිහිටීම :

බළන්ගොඩ බාන්ස් රත්වත්ත මාවතේ, බළන්ගොඩ නගරසභා ගොඩනැගිල්ලට යාබදව පිහිටා ඇත.

පුස්තකාලය විවෟතව තබන වේලාවන්

සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා.(පසළොස්වක පොහොය දින, රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි පුස්තකාලය වසා ඇත. )කියවීම් ශාලාව රජයේ නිවාඩු දින හතම විවෟතව පවතී.

වර්ථමාන තත්ත්වය :

2022 වර්ෂය වන විට 11000 ක් පමණ සාමාජික පිරිසක් ද 33000 ක් පමණ පොත් සංඛ්‍යාවක්ද පුස්තකාලය සතුව තිබේ. දිනපතා පුස්තකාලයට පැමිණෙන පාඨක පිරිසද 500කට අධිකය.

බලංගොඩ මහජන පුස්තකාලයේ ව්‍යාප්තිය හා සේවාවන්

01. පුවත්පත් හා සඟරා අංශය
02. අධ්‍යයන අංශය
03.පොත් බැහැර දෙන අංශය‍
04. විමර්ශන අංශය‍
05. ළමා අංශය‍
06. පොත් බැඳීමේ අංශය‍
07. කියවීම් ශාලාව
08. විදුණැන පියස
09. ජංගම සේවා
10. දෙමළ අංශය
11. ඉංග්‍රීසි අංශය
12. ශාක පුස්තකාලය
13. කෞතුකාගාරය
14. එළිමහන් අධ්‍යයන අංශය
15. Smart Library

පුවත්පත් හා සඟරා අංශය

සිංහළ,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පළවන දිනපතා හා සතිපතා පුවත්පත් මිලදී ගනු ලැබේ.ඊට අමතරව ශාස්ත්‍රීය, විනෝදාත්මක, අධ්‍යාත්මික සඟරා මිලදී ගනී. මෙයට අමතරව පුවත්පත් කැපුම් සේවාවක් විවිධ විෂයන්ට අදාළව පවත්වා ගෙන යනු ලැබේ.පුවත්පත් කැපුම් එකතූන් සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට අනුක්‍රමණිකා සකස් කර ඇත. විවිධ ආයතන මඟින් සළසන සේවා සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා පුස්තිකා පෙට්ටි ආධාර කර ගනිමින් ප්‍රජා තොරතුරු සේවාවක් ද ක්‍රියාත්මක වේ. දේශීය හා විදේශීය සඟරා සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පරිශීලනය සඳහා යොදා ඇත.

එළිමහන් අධ්‍යයන අංශය

බැහැරින් ගෙනෙන ලද පොත් පාඩම් කිරීමට සිසුන් 50කට පමණ පහසුවෙන් වාඩි වී කියවිය හැකි පරිදි එළිමහන් අධ්‍යයන අංශයක් සකස් කර ඇත.

පොත් බැහැර දෙන අංශය‍

පොත් බැහැර ගෙන යාම සඳහා පුස්තකාලයේ සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි විය යුතුය. සාමාජික බලපත්‍ර 02ක් නිකුත් අතර දින 14ට පොත් ලබා දෙනු ලැබේ.

පුස්තකාල සාමාජිකත්වය ලබා දීම
01.නාගරික බල ප්‍රදේශය තුළ ස්ථිර පදිංචි, වරිපනම් බදු ගෙවන ජනතාවට
02.නාගරික බල ප්‍රදේශය තුළ පාසළක ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා
03.නාගරික බල ප්‍රදේශය තුළ රජයේ ස්ථිර සේවයේ නියුතු අයදුම්කරුවන්ට
නාගරික බල ප්‍රසේශයේ ස්ථිර පදිංචි, වරිපනම් බදු ගෙවන අයෙකු ඇපකරුවෙකු ලෙස අත්සන් කිරීමෙන් සාමාජිකත්වය ලබා ගත හැක.

 පුස්තකාල සාමාජික ගාස්තු :

විස්තරය සාමාජික ගාස්තුව

ළමා සාමාජික ගාස්තු (වයස අවුරුදු 6-14)

නගර සීමාව තුළ රු.100.00

නගර සීමාව පිටත රු.100.00

වැඩිහිටියන් සදහා සාමාජික ගාස්තු

නගර සීමාව තුළ රු.200.00

නගර සීමාව පිටත රු.300.00

 

පුස්තකාල සමාජිකත්වය අලුත් කර ගැනීම සදහා ගාස්තු :

විස්තරය සාමාජික ගාස්තුව
ළමා සාමාජික ගාස්තු

නගර සීමාව තුළ රු.50.00

නගර සීමාව පිටත රු.100.00

වැඩිහිටියන් සදහා ගාස්තු

නගර සීමාව තුළ රු.50.00

නගර සීමාව පිටත රු.100.00

 

සාමාජික අයදුම්පත්‍ර :

බළන්ගොඩ මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අයදුම්පත්‍රය බාගත කරගන්න
බළන්ගොඩ මහජන පුස්තකාලයේ සාමාජිකත්වය අලුත් කර ගැනීමේ අයදුම්පත්‍රය බාගත කරගන්න

 

විමර්ශන අංශය

විමර්ශන අංශය භාවිතා කිරීමට සාමාජිකත්වය අවශ්‍ය නැත.තම අනන්‍යතාවය ඉදිරිපත් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වෙනත් පිළිගත හැකි අයඳුම්පතක් ඉදිරිපත් කර විමර්ශන අංශයේ පොත් පරිශීලනය කළ හැක. විමර්ශන ග්‍රන්ථ වශයෙන් විශ්ව කෝෂ, ශබ්ද කෝෂ, ග්‍රන්ථ නාමාවලි, වාර්ෂික ග්‍රන්ථ, පරිභාෂික ශබ්ද මාලා,සිංහල හා ඉංග්‍රීසි බසින් ලියවුන ශාස්ත්‍රීය ග්‍රන්ථ එකතුවක් ද පුවත්පත් එකතුවක් ද විමර්ශන අංශයේ ඇති ‍තොරතුරු අතර වේ. විශේෂ කෘති එකතුව, සබරගමු ප්‍රදේශයේ එකතුව, ඓතිහාසික බලංගොඩ එකතුව , මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව හා බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක හිමි කෘති එකතුව ද මේ අතර වේ.

ළමා අංශය

ළමයාට කුඩා වියේදීම කියවීමට හුරු වීම. ළමා කුසලතා ඔප්නැංවීමට උනන්දු කරවීම හා පුස්තකාල භාවිතයට උනන්දු කරවීම සඳහා
ළමා අංශය ක්‍රියාත්මක වේ. විවිධ විෂයන්ට අදාළව පුවත්පත් අතිරේක හා පුවත්පත් කැපුම් එකතූන් විශාල ප්‍රමාණයක් ළමා පාඨක අවශ්‍යතාවන් සඳහා සකස් කර ඇත.

ග්‍රන්ථ සංරක්ෂණ අංශය

පුස්තකාලයේ පොත් බැඳීමේ කටයුතු, රජයේ විවිධ ආයතන වල පොත් බැදීමේ කටයුතු හා ස්වයං රැකියා ලාභීන්ට අත් උදව්වක් දීම සඳහා පුහුණු පාඨමාලා පැවැත්වීම සිදු කෙරේ.

බලංගොඩ මහජන පුස්තකාලයට නව මුහුණුවරක් ගනිමින් එකතු කරන ලද අංශ

ජේෂ්ඨ පුරවැසියන් සඳහා
ජේෂ්ඨ පුරවැසියන්ගේ පහසුව සඳහා ඔවුන්ට සුවපහසුව වාඩි වී පුවත්පත් සඳරා කියවීමට මෙම ඒකකය පවත්වා ගෙන යනු ලබයි.

විකිණීම සඳහා පොත්
දරුවන්ට අවශ්‍ය විවිධ විෂයන්ට අදාළ අධ්‍යාපන කෘතීන්ද රසාස්වාදය සඳහා අවශ්‍ය කෙටිකතා , නවකතා වැනි කෘතීන්ද බලංගොඩ නගර සභා පුස්තකාලයේ දී පාඨකයන්ට මිළ දී ගැනීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

ඖෂධ හා ධාන්‍ය පුස්තකාලය
පාසල් දරුවන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා ලංකාවේ දේශීය පාරම්පරික වී වර්ග,දේශීය ඖෂධ වර්ග හා ධාන්‍ය වර්ග ඇතුළත් ධාන්‍ය හා ඖෂධ පුස්තකාලයක් පවත්වා ගෙන යනු ලැබේ.

කෞතුකාගාරය
හෙළ පාරම්පරික උපකරණ සහ මෙවලම් මෙහි ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

ශාක පුස්තකාලය
ලංකාවේ ඇති දුර්ලභ ශාක, වන ශාක, ඖෂධීය වටිනාකමක් ඇති ශාක මෙහි සිටුවා ඇත. ශාක පුස්තකාලයෙහි පැල වර්ග 150 ක් පමණ දැනට සිටුවා ඇත.පාසැල් සිසුන් බොහෝ සෙයින් මෙය නැරඹීම සඳහා පැමිණෙයි. මෙම ශාක පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා විද්‍යුත් තාක්ෂණය භාවිතා කිරීමට ඉඩ සලසා ඇත.

කියවීම් ශාලාව
ප්‍රධාන පුස්තකාලයට අමතරව බලංගොඩ නගරයේ බස්නැවතුම්පලට ආසන්නව නවීන පහසුකම් සහිත ව ඉතා දැකුම්කළු, නිසංසල පරිසරයක කියවීම් ශාලාව ස්ථාපනය කර ඇත.
මෙමඟින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් පල වන දිනපතා හා සතිපතා පුවත්පත්, වාර සඟරා කියවීමේ පහසුකම් සලසා ඇත. පුවත්පත් එකතූන් විශාල සංඛ්‍යාවක් සකස් කර ඇති අතර ලිපි සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට අනුක්‍රමික අංක ක්‍රමයක් සකස් කර ඇත.

ජංගම සේවා
පුස්තකාලයට ලඟාවීමට අපහසු, පුස්තකාල පහසුකම් අවශ්‍ය පුද්ගලයන් හා සමාජ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට ජංගම සේවා ලබා දීම අප පුස්තකාලය මගින් සිදුකරයි. මෙහිදී අපගේ සේවාවන් ලබා ගන්නා ආයතන හා පුද්ගලයන් බොහෝ පිරිසක් වේ.

පුවත්පත් විශේෂාංග එකතුව
ප්‍රජා තොරතුරු සේවා

විවිධ ආයතන මගින් සලසන සේවා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පුස්තිකා පෙට්ටි ආධාර කරගනිමින් ප්‍රජා තොරතුරු එක් රැස් කර තබා ඇත.

දුරකථන අංකය: (+94) 045 4930830

බළන්ගොඩ මහජන පුස්තකාලයේ මාර්ගගත පද්ධතියට මෙතැනින් පිවිසෙන්න

 

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.